Wednesday, May 8, 2024

General line - 0115112241

අල්ලස සහ දූෂණය පාසල් විෂය නිර්දේශයටම..!



අල්ලස හා දූෂණය පිටුදැකීම පිළිබද කරුණු ඉදිරියේදී පාසල් විෂය මාලාවට ඇතුළත් කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

අමාත්‍යවරයා කියාසිටියේ එළඹෙන ඔක්තෝම්බර් මාසය අල්ලස සහ දූෂණ පිටුදැකීමේ මාසය ලෙස නම් කර ඇති බවයි. ඒ ඒ සම්බන්ධයෙන් කි‍්‍රයාත්මක කිරීමට නියමිත වැඩසටහන් මාලාව පිළිබද දැනුවත් කිරීම සදහා කොළඹදී පැවති සම්මන්ත‍්‍රණයකට එක්වෙමින්.

අල්ලස සහ දූෂණයට එරෙහිව පාසල් සමයේ සිටම අනාගත පරපුර පෙළ ගැස්වීම මෙහි අරමුණ බවද අමාත්‍යවරයා පැවසුවා.