Thursday, January 2, 2025

General line - 0115112241

ලසන්තගේ දේහය අද ගොඩගැනේ




මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ දේහය අද (27)ගොඩගැනෙනවා. ඒ බොරැල්ල පොදු සුසාන භූමියේදියි.

කොළඹ අංක දෙක මහේස්ත‍්‍රාත් අධිකරණයේ මහේස්ත‍්‍රාත්වරයාගේ අධික්ෂණය යටතේ මෙම දේහය ගොඩගැනීමට නියමිතව තිබෙනවා.

එහි කටයුතු උදෑසන 8ට ආරම්භ කිරීමට නියමිතයි. අද දිනයේදී දේහය ගොඩගන්නා ලෙස නියෝග කරනු ලැබුවේ ගල්කිස්ස මහේස්ත‍්‍රාත් මොහොමඞ් සහබ්දීන් විසින්. ඒ ඉකුත් 8 වැනිදායි.

2009 වසරේ ජනවාරි මස 8 වැනිදා දෙහිවල අත්තිඩිය පාරේදී නාඳුනන කණ්ඩායමක් එල්ල කළ වෙඩි ප‍්‍රහාරයකින් මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග මහතා ඝාතනයට ලක් වුණා.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කෙරුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්.

ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් කළුබෝවිල රෝහලේ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා සහ රස පරීක්ෂකවරයා ඇතුළු අනෙක් වෛද්‍යවරුන් ලබාදුන් වෛද්‍ය වාර්තා පරස්පරවීම හේතුවෙන් මළ සිරුර අද දිනයේදී ගොඩගැනීමට නියෝග කෙරුණා.

සිරුර ගොඩගැනීමෙන් අනතුරුව විශේෂ වෛද්‍ය මණ්ඩලයක් යටතේ නැවත පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කරන ලෙසයි අධිකරණය නියෝග කර තිබෙන්නේ.

මේ වන විට ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ දේහය මිහිදන් කර ඇති පොදු සුසාන භූමියට විශේෂ ආරක්ෂාවක් යොදවා තිබෙනවා.