Saturday, September 21, 2024

General line - 0115112241

දුම්වැටිවලට බදු පිට බදු




දුම්වැටි හා දුම්කොළ නිෂ්පාදන මත පනවා ඇති බදු සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව සියයට 15 ක එකතු කළ අගය මත වන බද්ද දුම්වැටි සඳහා නැවත පැනවීමටයි කැබිනට් අනුමැතිය හිමිව ඇත්තේ.

දැනට කි‍්‍රයාත්මක වන නිෂ්පාදන බද්ද  ඕනෑම දුම්වැටියක් සදහා රුපියල් 5 කින් වැඩි කිරීමටද කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවක් සලකා බැලීමට පත් කළ අමාත්‍ය කමිටුවේ නිර්දේශ මත කැබිනට් මණ්ඩලය මෙම තීරණවලට එළඹ ඇති බව සදහන්.

මීට අමතරව වෙනත් ක්‍රියාමාර්ග ගනිමින් රටේ දුම්කොළ භාවිතය අවම කිරීමටත් කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා.

තවද බීඩි කොළ ආනයනය කිරීමේදී කිලෝග්‍රෑමයකට පනවනු ලබන ආනයන සෙස් බද්ද රුපියල් 2000 සිට රුපියල් 3000 ක් දක්වා වැඩි කිරීමටත් නියමිතයි.