Tuesday, May 7, 2024

General line - 0115112241

ජොනී ඩෙප් නළුවෙකු වුණේ වැරදීමකින්ලු



ජොනී ඩෙප් කියන්නේ කවුද ඇහුවොත් මේ ලොකේ නොදන්න කෙනෙක් නැති තරම්..

Pirates of the Caribbean,Charlie and the Chocolate Factory,Alice in Wonderland,Transcendence,Dark Shadows වැනි ලෝක ප්‍ර‍සිද්ධ වූ චිත්‍ර‍පට හරහා ජනාදරයට පත් වූ මෙම අති දක්ෂ නලුවා පසුගිය දවසක මාධ්‍ය වෙත අපූරු කතාවක් පවසා තිබුණා.

ඔහු එසේ පවසා තිබුණේ ඔහු නලුවෙකු වූයේ වැරදීමකින් වන බවයි.

ගායකයෙකු ලෙස රේඩියෝ වැඩසටහන් සඳහා ඉදිරිපත්ව සිටි ඔහුට මෙම රංගනයට අවස්ථාව හිමිවූයේ වැරදීමකින් බව ඔහු පවසා තිබෙනවා.

ඔහු වැඩිදුරටත් පවසා තිබුණේ ” මා කුඩා කල සිට ඇල්මක් දැක්වූයේ සංගීත අංශයටයි.මා සංගීත භාණ්ඩ වාදනය කිරීමට ආරම්භ කරන විට මා හට වයස 12වත් පිරී තිබුණේ නැහැ.මට අවුරුදු 13 වන විට මියාමි සමාජ ශාලා වල වාදනය කිරීමට පවා පටන් ගත්තා”

සංගීත කණ්ඩායමක වාදකයෙකු වූ ඔහුට රංගන ශිල්පියෙකු වීමේ අවස්ථාව ලැබී තිබෙන්නේ තවත් සුප්‍ර‍සිද්ධ නලුවෙකු වන නිකොලස් කේජ් හරහා.

කෙසේ නමුත් ඔහු පූර්ණ කාලීන රංගන වෘත්තීයට එකතු වී තිබෙන්නේ ඔහුගේ සංගීත කණ්ඩායම වූ Hollywood Vampires කඩා වැටුණු පසුවයි.