Saturday, April 20, 2024

General line - 0115112241

දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩිකාවට ඔලිම්පික් දොර වැසෙයි




දකුණු ආසියාවේ වේගවත්ම කී‍්‍රඩිකාව ලෙස අභිෂේක ලැබූ ශී‍්‍ර ලංකාවේ රුමේෂිකා රත්නායකට 2016 ඔලිම්පික් වරම් අහිමි වී ඇතැයි නෙත් නිවුස් වෙත වාර්තා වුණා. එ් පිළිබඳ වැඩිදුරටත් කළ සොයා බැලීමකදී හෙළි වුණේ මෙවර දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලේදී රුමේෂිකා හමුවේ පරාජය වූ ඉන්දීය කී‍්‍රඩිකාවක් මෙවර ඔලිම්පික් වරම් දිනාගෙන ඇති බවයි. ඇය ඩුටී චාන්ද් නම් වනවා.

රුමේෂිකා රත්නායක මෙවර දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලේ මීටර් 100 ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තා. එහිදී ලෝකඩ පදක්කම හිමි වූයේ ඉන්දීය කි‍්‍රඩිකා ඩූටී චාන්ද් හටයි. රුමේෂිකා තරගය නිම කළේ තත්පර 11.60 කින්. ඩුටී චාන්ද් එම තරගය තත්පර 11.88 කින් නිම කරමින් ලෝකඩ පදක්කම දිනා ගත්තා.

කෙසේ වෙතත් ඉන්දීය කී‍්‍රඩිකාව මාස 4 ක් තුළ සිය තරග නිමි කාලය ඔලිම්පික් පරිසාධන මට්ටම දක්වා වර්ධනය කරගෙන තිබුණා. ඇගේ දැන් තරග නිමි කාලය තත්පර 11.30 ක්. මෙවැනි කැපී පෙනන වර්ධනයකට බලපා තිබුණේ ඉන්දීය මලල කි‍්‍රඩා බලධාරීන්ගේ තිබූ සැලසුම් හේතුවෙන් බවයි ප‍්‍රවීණ මලල කී‍්‍රඩා විචාරකයින් පෙන්වා දුන්නේ.

එසේ නම් දකුණු ආසියාවේ වේගවත්ම කි‍්‍රඩිකාව වූ රුමේෂිකා රත්නායකට ඔලිම්පික් පරිසාධන මට්ටමට පවා ළඟා වීමට නොහැකි වූයේ කෙසේද ? නෙත් නිවුස් එ් පිළිබඳ විමසා සිටියා ප‍්‍රවීණ මළල කී‍්‍රඩා පුහුණුකරු යෝගානන්ද විජේසුන්දර මහතාගෙන්.

එහිදී ඔහු කියා සිටියේ ඉන්දීය මලල කී‍්‍රඩා බලධාරීන්ට සැලසුමක් තිබුණද ශී‍්‍ර ලංකාවේ මලල කි‍්‍රඩා බලධාරීන්ට එවැනි සැලසුමක් තිබූ බවක් පෙනෙන්නට නොතිබූ බවයි. එ් කෙසේ වෙතත් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට පුහුණුවීමට අවශ්‍ය පහසුකම් පවා ශී‍්‍ර ලංකාවේ තවමත් නොමැති බව යෝගානන්ද විජේසුන්දර මහතා පැවසුවා.

ශී‍්‍ර ලංකාවට පැහැදිළි මලල කී‍්‍රඩා ප‍්‍රතිපත්තියක් 2000 වසරෙන් පසු නොතිබීම රුමේෂිකා රත්නායකට අද අත් වූ ඉරණමට එක් හේතුවක් බවයි යෝගානන්ද විජේසුන්දර මහතා වැඩිදුරටත් කියා සිටියේ.

12654663_10153865356383529_3179685825175829144_n