Saturday, May 4, 2024

General line - 0115112241

මූතූර් පල්ලියක් තුළ අයෙකු කපා කොටා මරා දමලා



මුතුර් මුස්ලිම් පල්ලියක් තුලදි අද උදෑසන පුද්ගලයෙකු කපා කොටා මරා දමා තිබෙනවා.

මෙම සිදුවීමට සම්බන්ධ එකම පවුලේ සහෝදරයන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගත්බවයි පොලීසිය පවසන්නේ.

මෙසේ මරාදමා ඇත්තේ මුතුර්, ජින්නා නගර් පදිංචි කියාතු මොහොමදු ආසිකීත් (39) නැමැති පුද්ගලයෙකුයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනාගේ වැඩිමහල් සහෝදරියගේ ස්වාමි පුරුෂයා වෙඩිතබා ඝාතනයකර ඇත්තේ මෙසේ කපා කොටා මරාදැමු පුද්ගලයා බවයි පොලිසිය වැඩි දුරටත් පවසන්නේ.

ඝාතනයට ලක්වී ඇති සැකකරු නඩු විභාගය අතරතුරදි ඇප ලබා පැමිණ සිටියදි මෙසේ ඝාතනයට ලක්වි තිබෙනවා.