Wednesday, April 24, 2024

General line - 0115112241

ජ්‍යෙෂ්ඨයින් රැසක් ඩොනල්ඩ් ට‍්‍රම්ප් හැර යයි




අමෙරිකානු ජනාධිපති ධුර අපේක්ෂක ඩොනල්ඩ් ට‍්‍රම්ප් හට සහාය පළ කිරීමෙන් ඉවත් වන බව රිපබ්ලිකන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් රැසක් ප‍්‍රකාශ කර තිබෙනවා.

ඒ කාන්තාවක් සම්බන්ධයෙන් අසභ්‍ය ප‍්‍රකාශයක් සිදු කළ බවට ඩොනල්ඩ් ට‍්‍රම්ප් හට එල්ල වී ඇති චෝදනා හේතුවෙන්.

මේ වන විටද රිපබ්ලිකන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ගෙන් සැලකිය යුතු පිරිසක් ට‍්‍රම්ප් හට සහායදීමෙන් ඉවත්වී තිබෙනවා.

තවත් පිරිසක් පවසා ඇත්තේ ඔහුට ඡන්දය දීමෙන්ද වැළකී සිටින බවයි.

2005 වසරේදී ඩොනල්ඞ් ට‍්‍රම්ප් කාන්තාවන් සම්බන්ධයෙන් අසභ්‍ය ප‍්‍රකාශ සිදු කරන වීඩියෝ පටයක් ප‍්‍රසිද්ධියට පත්වුණා.

කාන්තා සබඳතා හා ඔවුන් සිප ගැනීම පිළිබඳ ඩොනල්ඩ් ට‍්‍රම්ප් පුරසාරම් දොඩන ආකාරය එහි ඇතුළත්.