Monday, September 23, 2024

General line - 0115112241

මින් ඉදිරියට රසකැවිලි කන්න වෙන්නේ පාට බලලා




රස කැවිලි නිෂ්පාදනය සඳහාද වර්ණ සංකේත ක‍්‍රමයක් හඳුන්වාදීමට අවධානය යොමුව ඇතැයි සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

ලංකා රස කැවිලි නිෂ්පාදකයන්ගේ සංගමය සමග සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව කියාසිටියා.

බෝ නොවන රෝග පාලනය කිරීමේ අරමුණින් මෙම පියවර ගන්නා බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ.

පැණි බීම සඳහාද වර්ණ සංකේත ක‍්‍රමයක් ඉකුත් අගෝස්තු මස පළමු වනදා හඳුන්වා දෙනු ලැබුවා. ඒ අනුව පැණි බීම බෝතල්වල වර්ණ සංකේත සඳහන් කිරීම ගැසට් පත‍්‍රයක් මගින් අනිවාර්ය කර තිබෙනවා.

මෙම වර්ණ සංකේත මගින් ආහාරවල අඩංගු සීනි, ලුණු සහ මේද ප‍්‍රමාණයන් පිළිබඳ ජනතාවට අවබෝධයක් ලබාදීම සිදු කෙරෙනවා.