Monday, September 23, 2024

General line - 0115112241

කුණු කන්ද නිසා පාසල් 5 ක් වසා දමයි




බදුල්ල වින්සන්ට් ඩයස් කී‍්‍රඩාංගණය අසල ගොඩගසා ඇති කුණු කන්ද තවදුරටත් ගිනි ගැනීම හේතුවෙන් ඒ අවට පාසල් කිහිපයක් වසා දමා තිබෙනවා.

ඌව පළාත් අධ්‍යාපන කාර්යාලය පැවසුවේ ගින්න හේතුවෙන් විස දුම නගරය පුරා පැතිර යන බැවින් පාසල් 5 ක් වසා දැමූ බවයි.

බදුල්ල විහාර මහාදේවි බාලිකා විද්‍යාලය, ධර්මදූත මහා විද්‍යාලය, ඌව මහා විද්‍යාලය, අල් අදාන් විද්‍යාලය සහ දෙමළ මහා විද්‍යාලය එලෙස වසා දමා තිබෙනවා. එම පාසල් එළඹෙන සඳුදා දිනයේ යළි විවෘත කෙරෙන බවද ඌව පළාත් අධ්‍යාපන කාර්යාලය පැවසුවා.

මේ අතර බදුල්ල තාක්‍ෂණ විද්‍යාලයේ කටයුතුවලටද විස දුම හේතුවෙන් බලපෑම් එල්ල වී තිබෙනවා. බදුල්ල මහරෝහලේ ප‍්‍රකාශයෙකු පැවසුවේ විස දුම ආග‍්‍රණයවීම හේතුවෙන් අපහසුතාවන්ට ලක් වූ විසි දෙනෙකු රෝහලට පැමිණි බවයි. ඒ අතරින් දස දෙනෙකු එම රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබනවා.