Saturday, April 20, 2024

General line - 0115112241

සර්පයන් ඇල්ලීම විනෝදාංශයක් කරගත් මිනිසෙක් (VIDEO)




ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ බෝපාල් නගරයේ වෙසෙන සලීම් ඛාන් ගේ විනෝදාංශය සර්පයන් ඇල්ලීමයි.

පසුගිය වසර තිහ මුළුල්ලේ සර්පයන් අල්ලන ඔහු සෑම මාසයකම ඔවුන් කැලයට මුදා හරින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පසුගිය දිනක ‘පන්ච්මාදි’ කැලෑවට ගිය ඔහු නයින්, ගැරඬින් සහ පොළඟුන්ගෙන් පිරුණු මල්ලක් මුදා හරින අයුරු දැක්වෙන වීඩීයෝ පටයක්ද අන්තර්ජාලය තුළ හුවමාරුවෙමින් පවතිනවා.

එම වීඩියෝ පටයේ දැක්වෙන්නේ ඔහු එලෙස ඇල්ලූ සර්පයන් මල්ලෙන් එලියට දමා කැලයට මුදා හරින ආකාරයයි.

සර්පයන් මිනිසාගේ සතුරන් නොවන බවත් මීයන් අල්ලන බැවින් ඔවුන් ගොවියන්ගේ මිතුරන් බවත් සලීම් ඛාන් පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

එම වීඩියෝව පහතින් දැක්වේ