Thursday, March 28, 2024

General line - 0115112241

වායු දූෂණය මඩින්න ඉන්දියාවෙන් App එකක්




ඉන්දියාවේ දිල්ලි අගනුවර වායු දූෂණය අවම කිරීම සඳහා ඉන්දීය පරිසර දූෂණ පාලන අධිකාරිය මගින් ජංගම දුරකතන මෘදුකාංගයක් හඳුන්වා දී තිබෙනවා. ගොඩනැගිලි ඉදිකිරීම, මාර්ගවල දැඩි ලෙස දුවිලි පවතින ස්ථාන, පොදු ස්ථානවල කැලි කසල සහ කොළ රොඩු ආදිය ගිනි තැබීම් වැනි වායු දූෂණයට හේතුවන ක‍්‍රියාකාරකම් එම මෘදුකාංගය ඔස්සේ අන්තර්ජාලයට එක් කළ හැකියි.

ඉන් අනතුරුව වැඩිදුර ක‍්‍රියාමාර්ග සඳහා එම පැමිණිලි අදාළ ආයතනය වෙත යොමු කෙරෙන අතර ඒ සම්බන්ධයෙන් ගන්නා ක‍්‍රියාමාර්ග පිළිබඳ වාර්තාවක් පැමිණිලිකරු වෙත යොමු කිරීමට කටයුතු සලසා තිබෙනවා. දිල්ලි නගරය ලොව ශීඝ‍්‍රයෙන් පරිසර දූෂණයට ගොදුරු වන නගරයක් ලෙස ද හඳුනාගෙන තිබෙනවා.