Saturday, April 20, 2024

General line - 0115112241

ටයිටැනික් නැවේ භාණ්ඩ 200ක් වෙන්දේසියේ්‍…




ලොව ප‍්‍රකට ටයිටැනික් නෞකාවට අයත් භාණ්ඩ 200 කට වැඩි ප‍්‍රමාණයක් ඉදිරියේ දී වෙන්දේසි කිරීමේ සූදානමක් ඇතැයි විදෙස් වාර්තා පවසනවා. 1912 වර්ෂයේ දී මුහුදුබත් වූ මෙම නෞකාවේ තිබී සොයාගත් ලිපි ලේඛන, වෙනත් ද්‍රව්‍ය සහ කැබිනට්ටුවක යතුරක් ද වෙන්දේසි කිරීමට නියමිත බවයි බී බී සී ලෝක සේවය වාර්තා කළේ.

එය ටයිටැනික් නෞකාවේ සේවය කළ සේවකයෙකුට අයත් එකක් බවයි පැවසෙන්නේ. මෙම සේවකයා නෞකාව මුහුදුබත් වූ අවස්ථාවේ දී ජීවිත රැසක් බේරා ගැනීමට දායක වී ඇති බව ද සඳහන්. ඒ අනුව එම පෞරාණික යතුරේ අවම ලන්සුව පවුම් පනස්දහසට අධික වනු ඇති බවයි විදෙස් පුවත් සේවා පවසන්නේ.

01 02 03 04