Friday, May 17, 2024

General line - 0115112241

ඇමතිවරුන්ගේ සැප වාහන හොර රහසේම ලංකාවට? (PHOTOS)



පහුගිය දවස් වල සමාජයේ වැඩිපුරම කතාබහට ලක්වුණ මාතෘකාව වුණේ ඇමතිවරුන්ට අලුතින් ගෙන්වන්න හදන වාහන ගැන.

එක් එක් ඇමතිවරුන්ට අලුතින් වාහන ගෙන්න රජයෙන් වෙන් කරලා තියන මුදල මාධ්‍ය මගින් හෙළිදරව් කිරීමත් සමගම සමාජයේ මේ පිළිබඳව විශාල විරෝධයක් මතු වුණා.

මේ ගැන අදහස් දක්වපු රාජිත සේනාරත්න, මනූෂ නානයක්කාර, විජිත් විජයමුණි වගේ ඇමතිවරුන් නම් කීවේ අලුත් වාහනයක් තමන්ට ඕනමයි කියලා වගේ කතා.

නමුත් ජනාධිපතිතුමා වගේම අගමැතිතුමා නම් කියා සිටියේ රටේ දැවෙන ප්‍රශ්ණ නිමාවනතුරු වාහන ගෙන්වන්නේ නැහැ කියලා.

ඒ කතා කොහොම වෙතත් මැති ඇමතිලාගේ වාහන හොර රහසෙම ජපානේ ඉඳන් ගෙන්වලා කියන ඡයාරූප කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරී යනවා.

එම ඡායාරූප පහතින්..

1-29

2-19

3-15

4-9

5