Friday, April 26, 2024

General line - 0115112241

ඉතාලියේ ප්‍රබල භූ කම්පනයක් (VIDEO)




මධ්‍යම ඉතාලියේ අද (30) ප්‍රබල භූ කම්පනයක් සිදුවුණා.

ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළේ එය රික්ටර් මාපකයේ 6.6 ක් ලෙස සටහන් වූ බවයි.

මධ්‍යම ඉතාලියේ නෝර්සියා නගරය ආසන්නයේ මෙම කම්පන තත්ත්වය ඇති වී තිබෙන බවයි වාර්තා වෙන්නේ.

සිද්ධියෙන් ජීවිත හෝ දේපළ හානි පිළිබඳ මෙතෙක් වාර්තාවී නැහැ. සතියක් තුළ ඉතාලියේ සිදුවූ තුන්වන භූ කම්පනය මෙය වනවා.

මීට මාස කිහිපයකට පෙර ද ඉතාලියේ සිදු වූ භූ කම්පනයකින් ජීවිත හානි රැසක් වාර්තා වුණා.