Sunday, September 22, 2024

General line - 0115112241

පලාලි කඳවුරු සීමාවේ අක්කර 454 ක් අද මුල් අයිතිකරුවන්ට




පලාලි තෙලිප්පලෙයි ප‍්‍රදේශයේ ඉඩම් අක්කර 454 ක් ඒවායේ මුල් අයිතිකරුවන් වෙත යළි ලබාදීම අද (31) සිදු කෙරෙනවා.

පලාලි හමුදා ජනපද ප‍්‍රදේශයට අයත්ව පැවති මෙම භූමි භාගය මුල් අයිතිකරුවන් වෙත ලබාදීම අද සිදුවන්නේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පස්වරුවේ පැවැත්වෙන උත්සවයකදීයි.

මේ අතර කීරමලෙයි ප‍්‍රදේශයේ ඉදි කළ නිවාස සියයක් යුද්ධය හේතුවෙන් අවතැන්ව සිටි පවුල් වෙත ප‍්‍රදානය කිරීම ද ජනාධිපතිවරයා අතින් අද සිදු කෙරෙනවා.

යුද හමුදාවේ පූර්ණ දායකත්වයෙන් මෙම නිවාස ව්‍යාපෘතිය ඉදිකර ඇති බවයි හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් රොෂාන් සෙනෙවිරත්න සඳහන් කළේ.