Sunday, September 22, 2024

General line - 0115112241

‘‘ ආවා’’ කල්ලිය මෙන්ම යාපනයේ තවත් පාතාල කල්ලි




‘‘ ආවා’’ කල්ලිය මෙන්ම යාපනයේ ක‍්‍රියාත්මක තවත් පාතාල කල්ලි ගණනාවක් හේතුවෙන් යාපනයේ ජනතාව භීතියට පත්ව සිටින බව උතුරු පළාත් සභාවේ සභාපති සී. වී. කේ. ශිවඥානම් පවසනවා.

මංකොල්ලකෑම්, බියවැද්දීම්, තර්ජනය කිරීම් හා විවිධ අන්දමේ බලපෑම් කිරීම් මෙම කල්ලි මගින් ජනතාවට එල්ල වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ජනතාව මේ පිළිබඳව පොලීසියට පැමිණිලි කරන අතර තුර පොලීසියද එම පැමිණිලි විභාග කරන නමුත් සැකකකරුවන් අත් අඩංගුවට ගැනීමට පොලීසියට නොහැකි වී ඇතැයිද ඔහු පැවසුවා.

මේ පිළිබදව උතුරු පළාත් සභාවේ සභාපතිවරයා පොලීසියෙන් විමසූවිට පොලීසිය පවසන්නේ මහජනතාවගෙන් ලැබෙන සහය ප්‍රමාණවත් නොවන නිසා සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට පොලීසියට නොහැකි බව යැයිද සභාපතිවරයා සදහන් කළා.