Sunday, September 22, 2024

General line - 0115112241

ජනපති යාපනයේදී අතීත පාඩම් මතක් කරයි




සියලු ජන කොටස්වලට පිළිගත හැකි මෙන්ම ජාතික සංහිදියාව ශක්තිමත් කෙරෙන නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සැකසීමට රජය කැපවි සිටින බව ජනාධිපතිවරයා පවසනවා.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ නිවාස 100 කින් සමන්විත කංකසන්තුරේ, කීරමලේ, නැල්ලිනක්කපුරම් ගම්මානය  අද (31) ජනතා අයිතියට පවරාදීමේ උත්සවයට එක් වෙමින්.

එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදයේ භීෂණය හමුවේ අවතැන්ව යාපනය සුබසාධන මධ්‍යස්ථාන 31 ක වෙසෙන පවුල් 971 ක් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ මෙම නිවාස 100 කින් සමන්විත ව්‍යාපෘතිය ඉදිකර තිබෙන අතර ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ආරක්ෂක අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ අධීක්ෂණය යටතේ 5 වන ඉංජිනේරු සේවා රෙජමේන්තුව විසින් මේ සඳහා ශ‍්‍රම දායකත්වය, තාක්ෂණික සහය සහ විශේෂඥ දැනුම ලබාදී තිබුණා.

උත්සව සභාව ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ රට තුළ ජාතික සංහිදියාව ශක්තිමත් කිරීමට සෑම කෙනෙක්ම කැපවිය යුතු අතර එය කිසිසේත් අඩු වටිනාකමක් ලබාදිය හැකි හෝ අඩුවෙන් තක්සේරු කළ හැකි දෙයක් නොවන බවයි.

ජාතින් අතර ඇතිවූ ගැටුම් අවසානයේ කුරිරු යුද්ධයක් බවට පත්ව රටට මහා විනාශයක් සිදු කළ අතීතය ද සිහිපත් කළ ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ නැවත රට තුළ යුද්ධයක් ඇති නොවීමට සෑම කෙනෙක්ම වගකීමෙන් කටයුතු කළයුතු බවයි.

පසුගියදා යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු මිය යාමේ සිදුවීම පිළිබදව ද අදහස් දැක්වූ හෙතෙම ප‍්‍රකාශ කළේ උතුරේ හෝ දකුණේ යළිත් එවැනි සිදුවීම් ඇති නොවීමට සියලුදෙනා වගකීමෙන් කටයුතු කළයුතු බවයි.

රට තුළ සාමය ස්ථාපිත වන අයුරින් කටයුතු කිරීම සියලු මාධ්‍ය ආයතනවල වගකීමක් බවද ජනාධිපතිතුමා සඳහන් කළා.

මයිලඞ් ප‍්‍රදේශයේ ආරක්ෂක හමුදාවන් යටතේ පැවති ඉඩම් අක්කර 454 ක් නැවත එහි මුල් පදිංචිකරවන් වෙත පවරාදිමේ ලිපි අදාළ දිස්ති‍්‍රක් ලේකම්වරයා වෙත භාරදීම ද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු වුණා.

 

_l9a0661 _l9a0675 _l9a0723 _l9a0813 _l9a0890 _l9a0894 _l9a0903 _l9a1008 _l9a1014 _l9a1058 _l9a1073