Sunday, September 8, 2024

General line - 0115112241

නව නිකායක් බිහිවෙන සුදානමක්




පසුගිය සමයේ හුදෙකලාව විවිධ ක‍්‍රියාකාරකම්වල යෙදුණු භික්ෂු සංවිධාන රැසක් එකට එක් වී වෙනම නිකායක් ප‍්‍රකාශයට පත් කිරීමට සූදානම් වන බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා.

මෙම භික්ෂු සංවිධාන පසුගිය සමයේ රට, ජාතිය සහ ආගම පිළිබද ජනතාව අවදි කරමින් එකම මතයක් නියෝජනය කළ කණ්ඩායම බව සදහන්.

එලෙස හුදෙකලා සටන්වල නිරත වීමෙන් ලබා ගන්නා ප‍්‍රතිඵලයට වඩා එකට එක්ව නව නිකායක් ප‍්‍රකාශයට පත්කොට සිය මතවාදය ඉදිරියට ගෙන යාමටයි මෙම භික්ෂු සංවිධාන තීරණය කර ඇත්තේ.

දැනට මාස දෙකක පමණ කාලයක් තිස්සේ එම සංවිධාන එකට එක්ව මේ පිළිබදව දීර්ඝ වශයෙන් සාකච්ඡා  කර තිබෙනවා.

ප‍්‍රාදේශීය මට්ටමෙන් විවිධ සමාජ විරෝධි ක‍්‍රියාවලට එරෙහිව නැගී සිටි කුඩා භික්ෂු සංවිධාන මෙන්ම ජාතික මට්ටමේ ව්‍යාපාරවල නිරත වූ බෞද්ධ භික්ෂූන් වහන්සේලාගෙන් සැදුම්ලත් සංවිධාන ද මෙම සාකච්ඡාවට    සහභාගී වූ බව ද වාර්තා වුණා.

නව නිකාය ප‍්‍රකාශයට පත් කිරීමත් සමග ඊට මහනායක හිමි නමක් තෝරා පත්කර ගැනීමට ද අදාළ සාකච්ඡාවල දී එකග වී තිබෙනවා.

ඒ සදහා දැනට ජාතික මට්ටමින් ක‍්‍රියාකාරී භික්ෂු සංවිධාන කිහිපයක ක‍්‍රියාකාරී භික්ෂුන් වහන්සේලා කිහිප දෙනෙකුගේම නම් යෝජනා වී තිබෙනවා.

අදාළ නිකාය ප‍්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ඊට ලේඛකාධිකාරී හිමිනමක් සහ කාරක සංඝ සභාවක් ද නම් කොට ප‍්‍රසිද්ධියට පත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.