බ්‍රසීල පාපන්දු කණ්ඩායමක් රැගෙන ගිය ගුවන් යානයක් කොලොම්බියාවේදී අනතුරට පත්ව තිබේ.
අනතුරට පත්වන අවස්ථාවේදී එහි මගීන් 72ක් ගමන් කරමින් සිටි බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.
විදෙස් මාධ්‍ය මිට නොබෝ වෙලාවකට පෙර අනාවරණ කළේ අනතුරින් කිසිවෙකුත් දිවි බේරා ගෙන ඇත්දැයි සැක සහිත බවයි.
කොළොම්බියාවේ හෙට (30දා) පැව්ත්වීමට නියමිත කෝපා සුඩාමෙරිකා පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගයට එක්වීමට සඳහා බ්‍රසීලයේ කාපෙකොන්සේ පාපන්දු කණ්ඩායම ගමන්ගත් ගුවන් යානයක් මෙසේ අනතුරකට ලක්ව තිබේ. ගුවන් යානය බොල්වියාවේ සිට කොලොම්බියාව බලා පියාසර කර ඇත.
අනතුරට හේතුවද මෙතෙක් අනාවරණය වී නොමැත.
කණ්ඩායම අවසන් වරට ගුවන් යානයේදී ගත් ඡායාරූපය