Thursday, September 19, 2024

General line - 0115112241

පාර්ලිමේන්තු පාර තාවකාලිකව වැසේ




පාර්ලිමේන්තු මාර්ගය තාවකාලිකව වසා දැමීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.

විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් පාර්ලිමේන්තු වට රවුමේ සිට පාර්ලිමේන්තුව දක්වා මාර්ගය තාවකාලිකව වසා දමා ඇති බවයි වැඩි දුරටත් වාර්තා වුණේ.

එමෙන්ම පාර්ලිමේන්තු වටරවුම හා බත්තරමුල්ල ආශ්‍රිතව දැඩි වාහන තදබදයක් ඇති බවද සඳහන්.

කම්කරු නිලධාරීන්ගේ විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් මෙම අවහිරතා මතුව තිබෙනවා.