Thursday, September 19, 2024

General line - 0115112241

බස් වර්ජනය ස්ථිරයි – ඒත් බස් හිමියන්ගේ සංගමය නෑ




සැලසුම් කළ පරිදි අද මධ්‍යම රාත‍්‍රියේ සිට රට පුරා සියලූ පෞද්ගලික බස් රථ වැඩවර්ජනයකට කැඳවන බව අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමය පවසනවා.

එහි සභාපති සරත් විජිත කුමාර මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකදීයි.

පස්වරුවේ බස් සංගම් නියෝජිතයින් සහ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතර සාකච්ඡාවක් පැවැත්වුණා.

ඊට සහභාගි වූ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ වැඩි කළ දඩ මුදල් සම්බන්ධයෙන් සිය ඉල්ලීම්වලට ජනාධිපතිවරයාගෙන් සාධාරණ විසඳුමක් ලැබුණු බවයි.

බස් සංගම් නියෝජිතයින් සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවෙන් පසු නෙත් නිවුස් අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමයෙන් ද විමසීමක් කළා.

එහි සභාපති සරත් විජිත කුමාර පැවසුවේ ගැමුණු විජේරත්න සිය වෘත්තීය සටන පාවා දී ඇති බවයි. කැඳවා ඇති වැඩවර්ජනය අත්නොහරින බව ද ඔහු කියා සිටියා.