Thursday, September 19, 2024

General line - 0115112241

මහනුවර පත්තිනි දේවාලයේ ඉඩම් කොල්ලයක්




මහනුවර සතර මහා දේවාලවලින් එකක් වන ඓතිහාසික ශ‍්‍රී පත්තිනි දේවාලය සතු ඉඩම් දහස් ගණනක් වෙනත් පාර්ශ්ව අත්පත් කරගෙන ඇතැයි එම දේවාලයේ බස්නායක නිලමේ හේමන්ත බණ්ඩාර පවසනවා.

විහාර දේවාලගම් පනත යටතේ එම දේවාලයට හිමි ඉඩම් වෙනත් පාර්ශ්ව අත්පත් කරගැනීමෙන් ගැටලු රැසක් මතු වී ඇති බවයි බස්නායක නිලමේවරයා නෙත් නිවුස් වෙත කියා සිටියේ.

නිකවැරටිය අලව්ව, වාරියපොල රන්දෙණිය, තල්ගස්පිටිය මොරොක්කෝවවත්ත යන ප‍්‍රදේශවල ඉඩම් මෙලෙස අත්පත් කරගෙන ඇති බවයි බස්නායක නිලමේවරයා සඳහන් කළේ.

දේවාලය සතු ඉඩම් ගැටලු සම්බන්ධයෙන් මැදිහත් වීම නිසා තමන්ට මරණ තර්ජන එල්ල වී ඇති බවද බස්නායක නිලමේවරයා පැවසුවා.

තමන්ට පොලිස් ආරක්ෂාව ලබාදෙන ලෙස පොලිසියෙන් ඉල්ලීමක් කර ඇති බවද මහනුවර පත්තිනි දේවාලයේ බස්නායක නිලමේවරයා වැඩිදුරටත් සඳහන් කළා.