Thursday, September 19, 2024

General line - 0115112241

ජයලලිතාගේ මරණය ගැන මෝදි ශෝක වෙයි




ජයලලිතා ජයරාම්ගේ මරණය සම්බන්ධයෙන් තමන් දැඩි ලෙස කණගාටු වන බව ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසනවා.

මෙම ශෝකජනක අවස්ථාවේ තමන් තමිල්නාඩු ජනතාව හා එක්වන බවයි ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයක දැක්වෙන්නේ.

ජයලලිතාගේ අභාවය ඉන්දීය දේශපාලනයේ විශාල හිඩසක් ඇති කරන බවද ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා පෙන්වා දෙනවා.

තමිල්නාඩු ජනතාවට දුප්පතුන්ගේ සුබසාධනය සහ කාන්තාවන් වෙනුවෙන් ඇය කළ සේවය ද නරේන්ද්‍ර මෝදිගේ ඇගයීමට ලක්ව තිබෙනවා.