Friday, May 17, 2024

General line - 0115112241

ජවිපෙ යළි ආයුධ අතට ගන්න සූදානම්?



සාමාකාමීව දේශපාලනය කර අපේ පක්ෂය 83 දී තහනම් කරා.

ඒ ආකාරයෙන් යලිත් තහනම් කරන්න උත්සාහ කරෝතින් අපි යලිත් ආයුධ අතට ගන්නවා ගන්නවාමයි.

දකුණු පළාත් සභා ජවිපෙ මන්ත්‍රී නලීන් හේවගේ මහතා මෙසේ ප්‍රකාශ කලේ දකුණු පළාත් සභාවේ සැසිවාරය අතර තුල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හිතැති මන්ත්‍රීවරුන් හා උණුසුම් වාග් ප්‍රහාරයක් ඇති වු අවස්ථාවේ දීය.

12 දින දකුණු පළාත් සභාව සභාපති සෝමවංශ කෝදාගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් දකුණු පළාත් සභා ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.

එහි දී ඇති වු සංවාදය මෙසේයි,

නලින් හේවගේ මහතා- පොත්වල නොලියත් පසුගිය කාලයේ ණය අරගෙන තියෙනවා. ඒ ණය වලින් හදලා තියෙන්නේ බිබික්කන්

පළාත් සභා මන්ත්‍රි බද්දේගම සමිත හිමි- මට කියන්න පොත්වල නොලියා කොයි රටේන්ද ණය අරගෙන තියෙන්නේ

නලින් හේවගේ මහතා ආර්.ඩී.ඒ. එක ණය අරන් තියෙනවා. එන්.එස්.බි.එකෙන්. මේ ණය දිලා තියෙන්නේ ලිඛිතවද. පොත්වල ලියලාද?

ඇමති විරසුමන විරසිංහ මහතා, මේ රටට වැඩිම විනාහය කරේ ජ.වි.පෙ. භිෂණ කාලයේ තේ කම්හල් ගිණි තිබ්බා, බස් ගිනි තිබ්බා. රටම විනාස කරලා දැන් සුදනාවගේ කථා කරනවා.

මේ සමග නලින් හේවගේ මන්ත්‍රිවරයා සහ ඇමති විරසුමන විරසිංහ මහතා අතර දැඩි උණුසුම් වචන හුවමාරුවක් ඇතිවිය.

නලින් හේවගේ මන්ත්‍රිවරයාගේ කථාවට දිගින් දිගටම බාදා එල්ලවිය.

නලීන් හේවගේ මන්ත්‍රීවරයා- 83 දී අපිව තහනම් කරා. අපිව තහනම් කරන්න ආවොත් අපි යළිත් ආයුධ ගන්නවා. ගන්නාවාමයි. මේ රට පාලනය කලේ වලව් හතරයි. නිදහසින් පසුවත් අපි දාසයෝ විතරයි. මේ වලව්වලට අපේ ඉලව්වලට විසදුමක් දෙන්නේ නෑ. විසදුමක් දෙන්න බෑ. මේ අය ජනතාව පිඩාවට පත්කර තිබෙනවා. එජාපය ඇවිල්ලා මොකද කරලා තියෙන්නේ. මෙසේ තිබිය දී අගමැතිතුමා තමාට වාහන ගන්න පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ආරක්ෂාවට මේ ආකාරයෙන් වාහන ගන්නවා කියනවා. නමුත් මෙහෙම බදු ගහනකොට ආරක්ෂාව නෑ තමයි. ඇමති මන්ඩලය කෝටි ගණනක් මුදල් ගහනවා. කලුවා මාරපන ගියා වාගේ තමයි මේ ආණ්ඩු දෙකම කටයුතු කරන්නේ. එජාපය ගිය ආණ්ඩුව කර දේම සිදු කරනවා. දෙකම එකයි.ආණ්ඩු දෙකම එකයි. අද රටක් නෑ. නෑ.සියල්ලම ඉවරයි. ලක්ෂමන් කිරිඇල්ල ඇමතිට සම්බන්ධීකරණ ලේකම් වරු 96 ක් ඉන්නවා. එක්අයෙකුට හැටදාස් ගානක පඩි. ඇමති ෆොන්සේකාට කෝටි 700 වාහනයක් නැතිව යනකොට හිතයිලු හිඟන්නෝ වගේ කියලා. හිතන්න දෙයක් නෑ හිඟන්නෝ තමයි.