විල්පත්තු අභයභූමියට අයත් වන ප්‍රදේශය තවදුරටත් පුළුල් කරමින් වනජීවී කලාපයක් ප්‍රකාශයට පත්කර ගැසට් කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබෙනවා.
දැනට වනජීවී දෙපාර්තමේන්තුවට අයත් නොවන ඒ ආශ්රිත සියලූම වනබිම් ද ඇතුළත් වන ලෙස අදාළ වනජීවී කලාපය ප්‍රකාශයට පත්කරන ලෙසයි ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ.
පරිසර අමාත්‍යංශයට අයත් ආයතන ප්‍රධානීන් සමග අද (30) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.
එමෙන්ම විල්පත්තුව ඇතුළු සියලු වනාන්තර නවීන තාක්ෂණය භාවිත කරමින් උඩුගුවනේ සිට නිරන්තරයෙන් නිරීක්ෂණය කළ හැකි වැඩපිළිවෙළක් කි‍්‍රයාවට නංවන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබාදුන්නා.
මන්නාරම සහ පුත්තලම දිස්ත්‍රික්ක තුළ සිදුවන වන විනාශයන් පිළිබඳ එල්ල වන චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂා කර වාර්තාවක් ලබාදීම සඳහා නිරීක්ෂණ කණ්ඩායමක් යොදවන ලෙසයි ජනාධිපතිවරයා නිලධාරීන්ට මෙහිදී උපදෙස් ලබාදුන්නේ.
පරිසර අමාත්‍යංශය, වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වනජීවී නිලධාරීන්, පරිසර සංවිධාන නියෝජිතයින් මෙන්ම මාධ්‍යවේදීන් එම කමිටුවට ඇතුළත් විය යුතු බවට ද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබාදුන්නා.
විල්පත්තු අභය භූමියට අයත් මෙතෙක් විනාශයට ලක් නොවූ ප්‍රදේශයක අක්කර 600ක් ඩෝසර් කර නව නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බව ඉකුත් 27 වෙනිදා බැලුම්ගල වැඩසටහන මගින් මෙලෙස අනාවරණ කෙරුණා.
විල්පත්තු අභය භූමියේ වන විනාශය පිළිබඳ මෙම වැඩසටහනෙන් කරුණු හෙළිකිරීමත් සමග සමාජ මාධ්‍ය ඔස්සේ මේ පිළිබඳ තොරතුරු අනාවරණය කළා.