Sunday, September 8, 2024

General line - 0115112241

සරත් කුමාර ගුණරත්න රිමාන්ඩ් (UPDATE)




අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැණුනු හිටපු ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න ලබන 09වනදා දක්වා අද (02) රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඒ, කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලාල් බණ්ඩාරගේ නියෝගයකට අනුවයි.

මීගමුව කලපුව සංවර්ධනය කිරීම සඳහා ලබා දුන් රුපියල් මිලියන 12කට ආසන්න මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය ඔහුට එරෙහි චෝදනා වනවා.

අධිකරණය හමුවේ කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ සැකකාර හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා ගොනු කරන බවයි.

මේ අතර අමෙරිකාවේ හිටපු ශ‍්‍රි ලංකා තානාපති ජාලිය වික‍්‍රමසූරිය ලබන 11වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ, කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්නගේ නියෝගයකට අනුවයි.


සරත් කුමාර ගුණරත්න අත්අඩංගුවට

an 2, 2017 @ 13:14

හිටපු ධිවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ වෝදනාව යටතේයි. ‍

මීගමුව කලපුව සංවර්ධනය සඳහා වෙන් කළ රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් ඔහුට වරෙන්තු නිකුත් කෙරුණා.

ඒ අනුව අත්අඩංගුවට ගැණුනු හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතයි.