හම්බන්තොට දී ඉකුත් දා ඇති වූ නොසන්සුන්තාවය පිළිබඳව අද (09) පාර්ලිමේන්තුවේදී ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රි අනුර කුමාර දිසානායක කරුණු දැක්වුවා.
එහිදී ඔහු සඳහන් කළේ සිය ගම්බිම්වලින් එම ජනතාව ඉවත් කර ඉඩම් පවරා ගැනීමට සූදානම වන්නේ නම් ඊට විරෝධය පෑම සහ උද්ඝෝෂණයක නිරතවීමට එම ජනතාවගේ සාදාරණ අයිතියක් බවයි.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ හෙතෙම සඳහන් කළේ “තමුන්නාන්සේලා මේ පළාත්වලින් ගෙනිච්ච පිරිස් තමයි ගල් ගහන්න පටන් ගත්තේ. පොලු අරං හිටියේ.. පළාත් සභා මන්ත්රීවරයෙක්ගේ බිරිද පවා.. මා දැක්කා ඡායාරූප තියෙනවා.. ගල් ඇහිදගෙන ඉන්නවා. එතුමියගේ සොබාසම්පන්නයි ශරීරය..අතේ තියෙන්නෙ කලු ගල්. අන්න එහෙම චරිත තමයි කැඳවලා තිබ්බේ. මේ පිළිබඳ පූර්ණ විවාදයක් පැවැත්විය යුතුයි.” යනුවෙනි.