ඉකුත්දා හම්බන්තොට පැවැති උද්ඝෝෂණය නොසන්සුන් කිරීමට කොළඹින් මැරයන් ගෙන ගිය බව කියන චෝදනාවට අමාත්‍ය රවී කරුණානායක අද (09) පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබා දුන්නා.
එහිදී හෙතෙම සඳහන් කළේ මීට ඉහතදී හම්බන්තොට මැරයින් තමන් ඇතුලු පිරිසකට පහරදුන් බවයි. ඒ අනුව මැරයින් සිටින්නේ කොළඹ නොව හම්බන්තොට බවද පැවසුවා.
එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් හෙතෙම පැවසුවේ “කොළඹ මැරයෝ නැහැ. අපි මීට වසර කිහිපයකට පෙර මන්ත්‍රිවරු ලෙස හම්බන්තොට ගියාම අපිට ගැහුවෙ හම්බන්තොට මැරයෝ. ඔය සත්‍යග්‍රහය කරපු අයට මැරයො ඕන නැහැ.. හූ කිව්වාම දුවනවා.” යනුවෙනි.