Sunday, September 8, 2024

General line - 0115112241

පවුල නඩත්තු කරන්න බැරිකමක් නැහැ! ඒත් කැත වැඩ එපා! මුරලි ඉන්දියාවට දෙහි කපයි!



තමන්ට සහ මහේලට ඉන්දීය මුදල් නොමැතිව  සිය පවුල නඩත්තු කළ හැකිවුවද අවම ගෙවීමක් සහිත ක්‍රීඩකයන්ට එය ගැටලුවක් වන බව මුත්තයියා මුරලිදරන් පවසනවා. ඒ ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පතට අදහස් පලකරමින්.

තමා ලෝකයේ විවිධ ලීග තරගාවලි සඳහා ක්‍රීඩා කර ඇතත්, ඒ රටවල ක්‍රිකට් ආයතන ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මෙන් කටයුතු නොකරන බවත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ක්‍රීඩකයන් ගණන් නොගන්නා බවත් මුරලිදරන් පවසා තිබෙනවා.

ඔහු මේ අදහස් පල කර ඇත්තේ ඉන්දීය ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් තමන් වෙත ගෙවිය යුතු වන්දි මුදලක් තවමත් ගෙවා නොතිබීම සම්බන්ධයෙනි.

පසුගිය වර පැවති IPL තරගාවලියට ක්‍රීඩා කළ කෝචි ටස්කර්ස් කණ්ඩායම එයින් ඉවත්කිරීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය කටයතු කිරීමත් සමග එම කණ්ඩායම සමග ගිවිසුම්ගතව සිටි ක්‍රීඩකයන්ට IPL තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථා තාවකාලිකව අහිමි වූ අතර ඒ වෙනුවෙන් ක්‍රීඩකයන්ට වන්දි ගෙවීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට හා කෝචි ටස්කර්ස් කණ්ඩායමට සිදුවිය.

ඒ අනුව කෝචි ටස්කර්ස් කණ්ඩායම සිය කොටස ගෙවූවද ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ කොටස වූ 40% තවමත් ගෙවා නොමැත. කෝචි ටස්කර්ස් කණ්ඩායමට ක්‍රීඩා කළ මුරලිදරන්ට හා මහේලට එම වන්දි මුදල් මෙතෙක් ලැබී නැත.