Thursday, December 26, 2024

General line - 0115112241

ඉන්දීය හමුදා සෙබළුන්ට රතු එළියක්




තම දුක් ගැනවිලි සමාජජාල මාධ්‍යවල පල කරන හමුදා සෙබළුන්ට දඬුවම් පැමිණවීමට ඉඩ ඇතැයි ඉන්දීය හමුදාපති ජෙනරාල් බිපින් රාවත් පවසනවා.

මෙවැනි පල කිරීම් තුළින් සෙසු හමුදා සාමාජිකයින්ගේ මානසික ශක්තිය ද බිඳ වැටෙන බවයි ඔහු පවසන්නේ.

උසස් නිලධාරීන්ගේ රෙදි සේදීමටත්, සපත්තු පිරිසිදු කිරීමටත්, සුනඛයින් ඇවිද්දවීමටත් සෙබළුන්ට සිදුව ඇති බව පැවසෙන වීඩියෝවක් ඉන්දීය හමුදා සෙබළෙකු විසින් ඉකුත්දා අන්තර්ජාලයට මුදාහැර තිබුණා.

මෙය පාදක කර ගනිමිනුයි ඉන්දීය යුද හමුදාපතිවරයා මෙම ප‍්‍රකාශය කර ඇත්තේ. සිය දුක් ගැනවිලිවලට පිළිතුරු දීම සඳහා වෙනම ක‍්‍රමවේදයක් ඇති බවයි ඔහු පවසන්නේ.

දිගින් දිගටම ඉන්දීය හමුදා සෙබළුන් මෙවැනි වීඩියෝ අන්තර්ජාලයට මුදා හරිමින් සිය දුක් ගැනවිලි පල කරන්නේ නම් හමුදා විනය ද අනතුරට පත්වන බවයි ඉන්දීය හමුදාපතිවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.