Tuesday, September 17, 2024

General line - 0115112241

ගම්මන්පිලට එරෙහි නඩුවේ සාක්ෂිකරුවන්ට සිතාසි




පාර්ලිමේන්තු මන්ත‍්‍රි උදය ගම්මන්පිල සහ සිඞ්නි ජයසේකර යන දෙදෙනා ඔස්ටේ‍්‍රලියානු ජාතික ආයෝජකයෙකුගෙන් රුපියල් මිලියන 20ක් වංචා කිරීමට අදාළ නඩුව කොළඹ මහාධිකරණයේදී අද (16) යළි කැඳවනු ලැබුවා.

එහිදි මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂිකරුවන් වන ඔස්ටේ‍්‍රලියානු ජාතික වෑන් සැඩෙක් සහ ඔහුගේ බිරිඳට මහාධිකරණය විසින් සිතාසි නිකුත් කළා.

ඒ, මාර්තු මස 16 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසටයි. එම සිතාසිය අධිකරණ අමාත්‍යංශය හරහා විදේශ කටයුතු අමාත්‍යංශය මගින් සාක්ෂිකරුවන් වෙත භාරදීමට කටයුතු කරන ලෙසද මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මෙහිදි නියෝග කර තිබෙනවා.

මේ අතර මෙම නඩුව සම්බන්ධයෙන් විදෙස් ගමන් තහනමකට ලක්ව සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල, විදෙස් ගතවිමට මිට පෙර අවසර ඉල්ලා සිටියා. එහෙත් ඔහු අද සිය ඉල්ලීම ඉල්ලා අස්කර ගත් බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසූවේ.