Tuesday, February 4, 2025

General line - 0115112241

නියඟයෙන් දිස්ත‍්‍රික්ක 13කට බලපෑම් – ලක්ෂ 6කට පීඩා




නියඟය හේතුවෙන් දිවයිනේ දිස්ත‍්‍රික්ක 13ක ලක්ෂ 6කට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

එහි සහකාර අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි පැවසුවේ පානීය ජලය නොමැති වීම වගා හානි වැනි හේතූන් මත මෙම පිරිස පීඩාවට පත්ව සිටින බවයි.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ එළැඹෙන 20 වෙනිදායින් පසු උතුරු සහ නැගෙනහිර පළාත්වලට වැසි අපේක්ෂා කළ හැකි බවයි.