Tuesday, September 17, 2024

General line - 0115112241

දුම්රිය රියදුරන්ගේ වර්ජනය තාවකාලිකව නවති (UPDATE)




අද (17) මැදියම් රැයේ සිට ක්‍රියාත්මකවීමට තිබූ දුම්රිය වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

ලොකමෝටිව් ඔපරේටින් ඉංජිනියර් හෙවත් දුම්රිය රියදුරන්ගේ සංගමයේ ලේකම්වරයා සඳහන් කළේ පවතින ගැටලු සම්බන්ධයෙන් හෙට (18) දිනයේ අමාත්‍යවරයා සමග සාකච්ඡාවක් සිදු කරන බැවින් වර්ජනය තාවකාලිකව අතහැර දැමූ බවයි.


දුම්රිය රියදුරන් වර්ජනයකට සැරසෙයි

(Jan 17, 2017 @ 09:42)

අද (17) මධ්‍යම රාත‍්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කරන බව ලොකමෝටිව් ඔපරේටින් ඉංජිනියර් හෙවත් දුම්රිය රියදුරන්ගේ සංගමය පවසනවා.

එහි ලේකම් ඉන්දික දොඩන්ගොඩ පැවසුවේ වැටුප් සම්බන්ධ ගැටලුවක් මුල්කර ගනිමින් මෙම වැඩවර්ජනය ආරම්භ කරන බවයි.

මේ හේතුවෙන් අද (17) මධ්‍යම රාත‍්‍රියේ සිට දුම්රිය ධාවනය අඩපණ වනු ඇති බවද දුම්රිය රියදුරන්ගේ සංගමයේ ලේකම්වරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළා.