Tuesday, September 17, 2024

General line - 0115112241

විමල්ගේ තවත් අයෙක් FCIDයට




ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රී පද්ම උදය ශාන්ත ගුණසේකර අද (17) උදෑසන පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණියා. ඒ, රජයේ වාහන අවභාවිත කිරීමේ සිද්ධියක් සමිබන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා දීම සඳහායි.

මේ වන විටත් ඔහුගෙන් ප‍්‍රශ්න කිරීම් සිදු කරමින් සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසූවේ.

මේ අතර මෙම සිද්ධියට අදාළව ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීරකුමාර දිසානායකගෙන් ද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ඊයේ (16) ප‍්‍රකාශයක් ලබා ගත්තා.

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශද මේ වන විට මෙම චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටිනවා.