Tuesday, September 17, 2024

General line - 0115112241

දයාසිරිට සහ තිලංගට එරෙහිව ක‍්‍රිකට් පුහුණුකරුවෙකු නඩු මගට




ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර සහ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපති තිලංග සුමතිපාලට එරෙහිව නඩු පැවරීමට ශ‍්‍රී ලංකා කණ්ඩායමේ හිටපු වේග පන්දු පුහුණුකරුවෙකු සූදානම් වනවා.

එම පුහුණුකරු ඉකුත් සමයේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ප‍්‍රශ්න කෙරුණු අයෙකු බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

මුදලට තරග පාවාදීමේ සිද්ධියකට අදාළ චෝදනාවක් මත ඔහුගෙන් ඉකුත් දා ප‍්‍රශ්න කෙරුණා.

කෙසේ වෙතත් පසුව අදාළ වේගපන්දු පුහුණුකරු එම චෝදනාවලින් නිවැරදිකරුවෙකු බවට සනාථ වූ අතර අන්තර්ජාතික ක‍්‍රිකට් කවුන්සිලය ද ඒ පිළිබඳව නිවේදනයක් නිකුත් කළා.

මේ නිසා තමන්ගේ කීර්ති නාමයට හානි වූ බව පවසමින් ක‍්‍රීඩා අමාත්‍යවරයාට සහ තිලංග සුමතිපාලට එරෙහිව නඩු පැවරීමටයි මෙම වේගපන්දු පුහුණුකරු සූදානම් වන්නේ.