Tuesday, September 17, 2024

General line - 0115112241

කුඩ්ඩා අවි පෙන්වයි…




අත්අඩංගුවට ගැණුනු සැකකරුවෙකුගෙන් කරන ලද ප‍්‍රශ්න කිරීම්වලදී අංගොඩ ප‍්‍රදේශයේ නිවසක තිබී ස්වයංකී‍්‍රය ගිනි අවියක් සොයාගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ සැකකරු ඉකුත් 14 වනදා හෙරොයින් ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු බවයි.

ඔහු රදවාගෙන කළ ප‍්‍රශ්න කිරීම්වලදී සගවා තිබූ මෙම ගිනි අවිය සොයාගත් බවයි පොලීසිය පැවසුවේ. එම ගිනි අවිය කොටස් තිහකට ගලවා තිබූ බවද පොලීසිය සදහන් කළා. මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ 33 හැවිරිදි අංගොඩ ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්.