තම පෙම්වතිය බිය ගැන්වීමේ අරමුණින් පාසලේ පංති කාමරය තුළදී ගෙල වැළලා ගැනීමට උත්සහ කළ බව කියන සිසුවෙකු මිතුරන් විසින් බේරාගෙන සීගිරිය රෝහලට ඇතුළත් කර තිඛෙනවා.
නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ අදාළ සිසුවා සීගිරිය ප්‍රදේශයේ පාසලක 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන්නෙකු බවයි.
ඔහු එම පාසලේම සිසුවියක් සමග ප්‍රේම සබදතාවක් පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.
දෙදෙනා අතර ආරවුලක් හටගෙන ඇති අතර පෙම්වතිය බිය ගැන්වීම සදහා මෙම සිසුවා පංති කාමරය තුළදීම මෙලෙස ගෙල වැළලා ගැනීමට උත්සහ දරා තිඛෙනවා.
පාසලේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට පෙර ඔහු මෙලෙස දිවි නසා ගැනීමට උත්සහ දරා ඇති බවයි වාර්තා වන්නේ.