Wednesday, February 5, 2025

General line - 0115112241

ත්‍රීකුණාමල වරාය ඉන්දියාවට ලබාදීම ගැන අගමැති ඇත්ත හෙළිකරයි




ත්‍රීකුණාමල වරාය සංවර්ධනය කිරීම සදහා ඉන්දියාව සමග සාකච්ඡාවක් ආරම්භ කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ස්විස්ටර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථීක සමුළුව අතරවාරයේ දී ඉන්දියාවේ එන්.ඩී.ටී.වී. නාලිකාව සමග සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.

එහිදී අග්‍රාමාත්‍යවරයා සදහන් කළේ අදාළ යෝජනාවට ඉන්දීය රජය ද එකගතාව පල කර ඇති බවයි.

ත්‍රිකුණාමල නගරය සංචාරක පුරවරයක් ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක්ද ඉදිරියේ දී ආරම්භ කිරීමට නියමිත බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා.

උතුරු පළාතේ සංවර්ධන ව්‍යාපෘතීන් කිහිපයක් ද ඉදිරියේදී ආරම්භ කිරීමට නියමිතයි.

ඒ සඳහා ද ඉන්දියාව සමග මේ වනවිට සාකච්ඡා කර ඇති බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා.

ආසියානු කලාපයේ රටවල් මූලික කරගනිමින් නව වෙළඳ ගිවිසුම් කිහිපයකට එළඹීමට ශ්‍රී ලංකාව සැලසුම් කර තිඛෙනවා.

එට්කා ගිවිසුම ද මෙම වසරේ මැද භාගය වනවිට අත්සන් තබන බවයි අග්‍රාමාත්‍යවරයා මෙහදිී ප්‍රකාශ කළේ.