Wednesday, February 5, 2025

General line - 0115112241

බැඳුම්කර ජනපති කොමිසමේ වාර්තාව මාස 03න් දියයුතුයි




මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කෙරුණු ජනාධිපති කොමිසමේ වාර්තාව මාස 03ක් ඇතුළත ලබාදිය යුතු බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. අමාත්‍ය දයාසිරි ජයසේකර කොළඹ අද (02) පැවති මාධ්‍ය හමුවක දී ඒ බව පැවසුවා.

මේ අතර බැඳුම්කර වංචාවෙන් සිදු වූ පාඩුව පියවා ගැනීම සඳහා වත්මන් ආණ්ඩුව කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිණීමට පිඹුරුපත් සකසමින් සිටින බව වරාය රැක ගැනීමේ වෘත්තීය සමිති පෙරමුණ පවසනවා.