අමාත්‍ය දයාසිරි ජයසේකර උතුරු පළාති මහ ඇමතිවරයා පන්නා දැමිය යුතු බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රකාශයකට පිළිතුරු දෙමින් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සිී වි විග්නේෂ්වරන් පවසන්නේ එකට කෑවාට බිව්වාට වැඩක් නැති බවත්, දෙමළ ජනතාවගේ ප්‍රශ්න වලට පිළිතුරු දිය යුතු බවත්ය.
ප්රශ්නය ඇත්තේ තමා කුඩා සමයේ සිටම යාපනයේ ජීවත්වූ සිංහල වැසියන් සම්බන්ධයෙන් නොව අලුතින් පදිංචි කරවන වෙනත් පළාත්වල වැසියන් සම්බන්ධයෙන් බවයි ඔහු පැවසුවේ. මීට අවුරුදු 75ට පමණ පෙර පවා දකුණේ සිංහල මිනිසුන් යාපනයේ සිටි බවත්, තමන්ට කුඩා කාලයේ බනිස් ගෙනාවේ මාතර අප්පුහාමි කෙනෙකු බවත් ඔහු මෙහිදී සිහිපත් කරනවා.
අමාත්‍ය දයාසිරි ජයසේකර කළ ප්‍රකාශයට සී වි විග්නේෂ්වරන් එලෙස ප්‍රතිචාර දැක්වූවේ වව්නියාවේදී මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු දෙමින්.
මේ අතර ඉතිහාසයේ සිටම සිංහල වැසියන් උතුරේ ජීවත්ව ඇතැයිද සී වී විග්නේෂ්වරන් අද පිළිගත්තා.