එදා යුගයේ බිහි වූ චරිත සහ අද යුගයේ බිහි වන චරිත පිළිබඳ සැසඳීමේදී එය විශාල ඛේදවාචකයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
ජනාධිපතිවරයා කියා සිටියේ ජාතික නිදහස් අරගලයට පණ පෙවූ නායකයින් හා එක් එක් යුග තුළ මාතෘ භූමිය වෙනුවෙන් කැපවීම් කළ විශිෂ්ට දේශපාලන චරිත පිළිබඳ වත්මන් පරපුර දැනුවත් කිරීමට පුළුල් වැඩසටහනක් අවශ්‍ය බවයි.
මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේ දිවංගත හිටපු සෙනෙට් සභික එච්. ශ්‍රී නිශ්ශංක මහතාගේ 63වන ගුණ සමරු උත්සවයට එක්වෙමින්.