Tuesday, September 17, 2024

General line - 0115112241

පරෙවිපච්චාන් හමුදා කඳවුරට සිවිල් වැසියන් බලහත්කාරයෙන් රිංගලා 




කිලිනොච්චි පරෙවිපච්චාන් යුද හමුදා කඳවුරට සිවිල් වැසියන් පිරිසක් බලහත්කාරයෙන් ඇතුළු වී තිබෙනවා. 

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ යුද හමුදාව විසින් අත්පත් කරගනු ලැබ තිබෙන සිය ඉඩම් ආපසු ලබාදෙන මෙන් ඔවුන් බලපෑම් කර ඇති බවයි. 

එම අවස්ථාවේ දෙපාර්ශ්වය අතර බහින්බස්වීමක් ද සිදුව තිබෙනවා. 

එම ස්ථානයට පැමිණි කිලිනොච්චි දිස්ත‍්‍රික් ලේකම්වරයා තත්ත්වය සමථයකට පත්කිරීමට පියවර ගත් බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ. 

දිස්ත‍්‍රික් ලේකම්වරයා හා යුද හමුදා බලධාරීන් අතර එහිදී විශේෂ සාකච්ඡාවක් ද  පවත්වා තිබෙනවා. 

සාමාන්‍ය වැසියන්ට අයත් ඉඩම් ඇත්නම් ඒවා නිදහස් කිරීමට පියවර ගන්නා බවයි යුද හමුදාව එහිදී ප‍්‍රකාශ කර ඇත්තේ. 

කිලිනොච්චි පරෙවිපච්චාන් යුද හමුදා කඳවුරට අයත් භූමියෙන් කොටසක් ඉකුත් දා සාමාන්‍ය ජනතාව වෙත පවරා දෙනු ලැබුවා.