Tuesday, September 17, 2024

General line - 0115112241

"නීති උල්ලංඝනය කරලා" - මුදල් ඇමති 




2015 වසරේ ජනවාරි 1 දින එවකට මුදල් අමාත්‍යවරයා  ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂ මහතා විසින් නිකුත් කරන ලද අංක 1895/19 දරණ අති විශේෂ ගැසට් පත්‍රය  මුදල් අමාත්‍යවරයා  අතට පත්ව ඇති බව මුදල් අමාත්‍යංශය පවසනවා.

මෙකී ගැසට් පත්‍රය  මහින්ද රාජපක්ෂ මහතා, අජිත් නිවාඩ් කබ්රාල්  සහ ඔවුන්ට හිතැති මහ බැංකු සගයින්, නීති උල්ලංඝනය කරමින් රාජ්‍ය  ණය ප්‍රෝඩාකාරී  ලෙස කළමනාකරණය කර ඇති ආකාරය පෙන්නුම් කෙරෙන බවයි  අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.