Tuesday, September 17, 2024

General line - 0115112241

කළුතර වෙඩි තැබීමෙන් තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලට




කළුතර බන්ධනාගාරය අසලදී අද පෙරවරුවේ සිදුවූ වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ප‍්‍රහාරයෙන් තුවාල ලැබූ නිලධාරීන් සංඛ්‍යාව 4ක්. අනෙක් දෙදෙනා කළුතර නාගොඩ රෝහලේ තවදුරටත් ප‍්‍රතිකාර ලබනවා. සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 7ක්. 

ඒ අතරට බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ද අයත්. සෙසු පස්දෙනා පාතාල කල්ලි සාමාජිකයින් බවයි පොලිසිය පැවසුවේ.
 
මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත‍්‍රාත් පරීක්ෂණය ද මීට නොබෝ වේලාවකට පෙර සිදුකෙරුණා.