Tuesday, September 17, 2024

General line - 0115112241

හම්බන්තොට සිද්ධියට සම්බන්ධ 24කට ඇප




හම්බන්තොට ආයෝජන කලාපය ආශ‍්‍රිතව ඉකුත් දා පැවති විරෝධතාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි 24 දෙනෙකුට අද ඇප හිමිවුණා. 

ඒ, හම්බන්තොට මහේස්ත‍්‍රාත් මංජුල කරුණාරත්නගේ නියෝගයකට අනුවයි. එක් අයෙකුට රුපියල් ලක්ෂ 5 
බැගින් වූ ශරීර ඇප 3ක් මත මුදාහරින ලෙසටයි එහිදී නියෝග කෙරුණේ. 

සිද්ධියට අදාළ නඩුව මැයි මස 18 වෙනිදා යළි කැඳවීමට නියමිතයි.