Tuesday, September 17, 2024

General line - 0115112241

ගල්කිස්ස අධිකරණයෙන් ගිනි අවි සොයා ගැනීමේ සිද්ධියට සැකපිට 20ක් අත්අඩංගුවට!




ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණ භූමියේ තිබී ගිනි අවි සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් විසි දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රියන්ත ජයකොඩි පැවසුවේ ගිනි අවි සොයාගත් අවස්ථාවේ අධිකරණ භූමියේ රැදී සිටි පුද්ගලයින් නව දෙනෙකු පළමුව අත්අඩංගුවට ගත් බවයි. 

එමෙන්ම මෙම සිදුවීම වන අතරතුර අධිකරණ භූමියට පැමිණි බවට අනාවරණ වූ පුද්ගලයින් 11 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

එලෙස අත්අඩංගුවට ගැණුනු පුද්ගලයින්ගෙන් 16 දෙනෙකු රත්මලාන වැටකෙයියාවත්ත ප‍්‍රදේශයේ පුද්ගලයින් බවයි පොලිසිය පැවසුවේ.

එම ප‍්‍රදේශයේම පුද්ගලයෙකු විසින් සංවිධාන කර මෙම පිරිස අධිකරණ භූමියට රැගෙන ආ බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා. 

එම පුද්ගලයා ද අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක‍්‍රියාත්මකයි. 

සැකකරුවන් විසිදෙනා අද ගල්කිස්ස මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.