Sunday, November 24, 2024

General line - 0115112241

මෙවර නොබෙල් සාම ත්‍යාගයට ප්‍රබල නම් රැසක්




2017 වසරේ නොබෙල් සාම ත්‍යාගය සඳහා පුද්ගලයින් සහ සංවිධාන 318 කගේ නම් යෝජනා වී තිබෙනවා.

විදෙස් වාර්තා පවසන්නේ ශුද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේ, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ සහ සිරියාවේ සුදු හිස් වැසුම් ව්‍යාපාරයේ නම ද ඒ අතර වන බවයි.

අමෙරිකානු ඔත්තු සේවාවන්හි රහස් හෙළි කළ එඞ්වඞ් ස්නෝඩන්ගේ සහ සෞදි රජයට සමාජ ජාල වෙබ් අඩවිවලින් තර්ජනය කිරීම නිසා සිරගත කර සිටින රයිෆ් බදාවිගේ නම ද 2017 වසරේ නොබෙල් සාම ත්‍යාගය සඳහා යෝජනා වී තිබෙනවා.

ඉකුත් වසරේ නොබෙල් සාම ත්‍යාගය හිමි වූයේ කොළොම්බියානු ජනාධිපති හුවාන් මැනුවෙල් සැන්ටෝස්ටයි.