Thursday, September 19, 2024

General line - 0115112241

ජනපතිගේ වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළු වූ දෙදෙනාට චෝදනා පත‍්‍ර භාරදීමට නියෝග




ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් පිවිස එහි දත්ත වෙනස් කළ බවට සැක කෙරෙන පාසල් සිසුවාට සහ 27 හැවිරිදි තරුණයාට එරෙහිව ලබන ජුලි මස 19 වනදා චෝදනා පත‍්‍ර ගොණුකරන ලෙස කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට අද නියෝග කළා.

මීට පෙර අවස්ථාවකදී අධිකරණය නියෝග කර තිබුණේ මෙම පාසල් සිසුවා වසර තුනක කාලයක් සදහා පරිවාස නිලධාරීන්ගේ භාරයට යොමු කරන ලෙසටයි.

ඔහු සහ අනෙක් සැකකරු පරිගණක අපරාධ පනත යටතට ගැණෙන වැරදි සිදුකර තිබෙන බවයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර ප‍්‍රකාශ කර තිබුණේ.