Thursday, September 19, 2024

General line - 0115112241

පෞද්ගලික රෝහලකින් ප‍්‍රතිකාර ලැබූ විසිපස් හැවිරිදි තිදරු මවක් මිය යාම සම්බන්ධයෙන් පරීක්ෂණ ඇරඹේ




මහනුවර කටුගස්තොට ප‍්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලකින් ප‍්‍රතිකාර ලබා ගත් විසිපස් හැවිරිදි තිදරු මවක් මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

විශේෂඥ වෛද්‍යවරයෙකුගේ නිර්දේශ මත මෙම කාන්තාව රෝහලට ඇතුළත් කර ඇතත් කිසිදු ලියාපදිංචියකින් තොරව සැත්කම සඳහා රැගෙන ගොස් ඇති බවයි අනාවරණ වී ඇත්තේ. 

ශල්‍යකර්මයට පෙර මෙම කාන්තාවට ලබා දුන් එන්නත් සහ ඖෂධ හේතුවෙන් ඇති වූ ආසාත්මකතාවක් මරණයට හේතු වන්නට ඇති බවට සැක කෙරෙනවා. 

ඊයේ ඇතිවූ මෙම සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වූයේ සුදුහුම්පොළ ප‍්‍රදේශයේ පදිංචි ෆාතිමා අස්මි නම් වූ කාන්තාවක්. 

ඇය අවුරුදු 3, 4 සහ 06 යන වයස් සීමාවල පසුවන දරුවන් තිදෙනෙකුගේ මවක්.