Thursday, September 19, 2024

General line - 0115112241

සංගම් කඹ අදියි - හෙද හෙදියන් අද වැඩ වර්ජනයේ




කුමන බලපෑම් සහ විරෝධතා පැවතිය ද අද ආරම්භ කිරීමට නියමිත වැඩවර්ජනය අනිවාරයෙන්ම සිදු කරන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය පවසනවා. 

එහි සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සහන් කළේ ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සිදු කරන මෙම වැඩ වර්ජනය සාධාරණ එකක් බවයි. 

කෙසේ වෙතත් හෙද නිලධාරීන් නියෝජනය කරන තවත් වෘත්තීය සමිතියක් වන රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය මෙම වැඩ වර්ජනයට සහය දක්වන්නේ නැහැ.

වර්ජනයට අරමුණු කරගත් කරුණු මෙන්ම ඊට සහභාගී වන හෙද නිලධාරීන් සංඛ්‍යාව සම්බන්ධයෙන් ද සංගම් දෙක අතර ඇත්තේ මත ගැටුමක්. රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප‍්‍රිය කියා සිටියේ හෙද හෙදියන්ගෙන් බහුතරයක් වර්ජනයට එක් නොවන බවයි.

කෙසේ වෙතත් වැඩිම හෙද හෙදියන් සංඛ්‍යාවක් සිටින්නේ තම සංගමයේ බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සඳහන් කළා. 

අද උදෑසන මෙම වැඩවර්ජනය ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ පැය 48ක කාලයක් සඳහායි.